Tuesday, January 19, 2016

LCD DISPLY එක වැඩ කරන්නේ මෙහෙමයි....!!!

LCD තිරයක අන්වික්ශීය සටහන්

 මගේ මේසය උඩ තිබිලා හම්බ උනා Nokia 6120c ෆෝන් එකකින් ගලවපු LCD එකක්. මේක මම දැනට අවු 2 විතර කලින් පාවිච්චි කරපු ෆෝන් එකෙන් ගලවපු එකක්. ඒක දවසක් බිම වැටිලා LCD එකෙ මැද්දෙන් පුපුරලා pixel පේලි කීපයක් පෙන්නෙ නැතුව ගියානෙ (ච්හ් ඒ දවස් වල මේ බ්ලොග් කෙරුවාව කලේ නැහැනෙ, නැත්නම් ඒකත් මේකෙ ලියන්න තිබුනා). LCD එකක් වැඩ කරන හැටි ගැන අදහසක් ගන්නත් එක්ක මට හිතුනා එකෙ පින්තූර ටිකක් දාන්න. පින්තූර කිව්වට මේවා අන්වීක්ෂයක් තුලින් ගත්ත පින්තූර. මේ ටික බැලුවට පස්සෙ හිතෙයි නිකම්ම වීදුරුකෑල්ලක් වගෙ තිබුනට මෙක කොයි තරම් සංකීර්ණද කියලා. මේක නිකම්ම LCD එකක් කියල කිව්වට මේක TFT (Thin Film Transister - මේ මොකක්ද කියලා අපි පසුව බලමු) වර්ගයේ සහ පසුබිම් ආලෝක සපයන උපාංගත් මෙකට අයිතියි.

මෙන්න LCD එකේ බාහිර පෙනුම.
 


සාමාන්‍යයෙන් LCD එකක සැකසුම මේවගෙයි (හරස්කඩක්).



1 - පිටත ලෝහ ආවරනය (Metal back plate)
2 - ආලෝක පරාවර්ථකය (Light Reflector)
3 - ආලෝක විසරණ පත්‍ර (Light diffusing foils)
4 - සක්‍රිය LCD තිරය (ද්‍රව ස්ඵටික අඩංගු ඇසුරුම)
5 - ප්ලාස්ටික් ආවරනය (Plastic frame)
6 - පරිපථ කොටස්
7 - පසුබිම් ආලෝක සැපයුම් LED (Back light LEDs)
8 - ආලෝක නියාමන පෙට්ටිය (Light guide box)
9 - ආලෝක ද්‍රැවීකාරකය (Light polarizer)
10 - පාලන හා තීරු එලවන පරිපථය (Control and column driver circuit)

මෙන්න සැබෑ පෙනුම (පිටත ලෝහ ආවරණය ගලවා ඉවත් කලවිට)

Monday, January 11, 2016

LED තාක්ෂණයේ මහිමය

මෝටර් රථ ප්‍රධාන පහනට LED

ටික කලකට කලින් අපි ආලෝකය නිපදවාගන්න පාවිච්චි කලේ ටංග්ස්ටන් සූත්‍රිකා පහන් (tungsten filament lamps), ඊටත් කලින් නම් කාබන් සූත්‍රිකා පහන්. මෙවා ක්‍රමයෙන් ප්‍රතිදීපන පහන් (fluorescent lamps) වලට, සංගත ප්‍රතිදීපන පහන් (compact fluorescent lamps - CFL) වලට මාරු වෙලා. ඊටත් පස්සෙ අද කාලේ බොහොමයක් අවශ්‍යතා වලට ආලොක විමෝචක ඩයොඩ (light emitting diodes - LED) ජනප්‍රිය වෙලා තියෙනවා. මේ ලිපියෙන් ලියන්න යන්නෙ මේ LED කොහොමද මොටර් රථවල ප්‍රධාන පහන් (Headlights) සදහා යොදාගෙන තියෙන්නෙ කියලා. මේ කියන්නේ වහනයක් ගත්තට පස්සෙ එකෙ තියෙන පහන ගලවලා ඒකට LED එකක් හයිකරන එක ගැන නෙවෙයි, නිශ්පාදකයාම සවිකරන LED පහන් ගැනයි...


Wednesday, January 6, 2016

Eset NOD32 Antivirus වැඩසටහන ගින්නක් නැතුව හැමදාම Use කරමු...

Eset NOD32 Antivirus වැඩසටහන ගින්නක් නැතුව හැමදාම Use කරමු...




අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ESET NOD32 Antivirus වැඩසටහන කිසි ගින්නක් නැතුව හැමදාටම නොමිලේ බාවිතා කරන්න පුළුවන් විදියක් ගැනයි. ඉතින් මුලින්ම මම කියන්න ඕනේ මේ ගැන මට කියුවේ මගේ හොදම යාලුවෙක්. පොරගේ නම සාරංග. ෆිට් එකට අපි කියන්නේ DR කියලා. මෑන් ඉන්නේ කොරියාවේ. ඉතින් ඔයාල කවුරුහරි කොරියාවේ ඉන්නවා නම්, එහෙම නැතිනම් දන්නා අදුනන කෙනෙක් එහෙම කොරියාවේ ඉන්නවා නම් අඩුම මිලට සහ අලෙවියෙන් පසු සුහදශීලි සේවයක් සහිතව පරිගණකයක් මිලදී ගැනීම සදහා ඔබට පුළුවන් සාරංගව සම්බන්ද කරගන්න.

Friday, January 1, 2016

ගණිතය කියන්නේ ගොඩක් අයට අමාරු Subject එකක් නමුත් බලන්න අතීතයේ ගණිත සංකල්ප සොයා ගත් පුද්ගලයන් හා ඔවුන් සොයා ගත් සංකල්ප....ගණිත දැනුම සොයන අයට විශේෂයි....!!!!

ගණිත ඉතිහාසය

ගණිතයෙහි උපත කවදා කෙලෙස සිදුවුනි දැයි අපි හරියාකාරව නොදනිමු.සංඛ්‍යා පිළිබඳව සැලකීමේදී එක හා බොහෝ යන සංඛ්‍යා ආදි මානවයාගේ මනසේ ජනිත වන්නට ඇත. එ‍‍‍‍‍ඬේර යුගයේදී තම ගාලේ සතුන් ගනන් ගැනීමට කෝටු කැබලි හෝ ඉරි ඇඳීම වැනි ක්‍රියාවක් භාවිතා කරන්නට ඇත. I II III... වැනි රෝමානු අංක ක්‍රමය මේ ඉරි ඇඳීමේ පසුකාලීන ප්‍රතිඵලයක් ලෙස සැළකිය හැකිය. විහිදූ අත්ල සංකේත වත් කරන්නට V යොදා ගන්නට ඇත.

ඊජිප්තු(මිසර) සංඛ්‍යංකන ක්‍රමය



Thursday, December 31, 2015