Friday, January 1, 2016

ගණිතය කියන්නේ ගොඩක් අයට අමාරු Subject එකක් නමුත් බලන්න අතීතයේ ගණිත සංකල්ප සොයා ගත් පුද්ගලයන් හා ඔවුන් සොයා ගත් සංකල්ප....ගණිත දැනුම සොයන අයට විශේෂයි....!!!!

ගණිත ඉතිහාසය

ගණිතයෙහි උපත කවදා කෙලෙස සිදුවුනි දැයි අපි හරියාකාරව නොදනිමු.සංඛ්‍යා පිළිබඳව සැලකීමේදී එක හා බොහෝ යන සංඛ්‍යා ආදි මානවයාගේ මනසේ ජනිත වන්නට ඇත. එ‍‍‍‍‍ඬේර යුගයේදී තම ගාලේ සතුන් ගනන් ගැනීමට කෝටු කැබලි හෝ ඉරි ඇඳීම වැනි ක්‍රියාවක් භාවිතා කරන්නට ඇත. I II III... වැනි රෝමානු අංක ක්‍රමය මේ ඉරි ඇඳීමේ පසුකාලීන ප්‍රතිඵලයක් ලෙස සැළකිය හැකිය. විහිදූ අත්ල සංකේත වත් කරන්නට V යොදා ගන්නට ඇත.

ඊජිප්තු(මිසර) සංඛ්‍යංකන ක්‍රමය





මුල්ම සංඛ්‍යංකන ක්‍රමය ලෙස පිළිගතහැකි ඊජිප්තු(මිසර) සංඛ්‍යාංකන ක්‍රමය ක්‍රි.පූ.2850 දී පමණ ඊජිප්තුවේ භාවිතාකෙරී ඇති බවට ඓතිහාසික සාක්ෂි ඇත.
ලෝකයේ මුල්ම නිවැරදි කැලැන්ඩරය කිතු උපතින් වසර 4241 කට පෙර මිසර ගණිතඥයන්ගේ අතින් නිමැවිනි.එහි දින 30 මාස 12ක් විය.ඉතිරි දින 5 අතිරේක දින ලෙස ගනන් ගන්නා ලද අතර වසර 4 කට වරක් හය දින 6 ක් විය. මිසරයේ ගණිතදැනුම පිළිබඳ ප්‍රමුඛ සාධකයක් වන්නේ ඔවුන් වින් ගොඩනගන ලද යෝධ පිරමිඩයි.ලෝකයේ ප්‍රථම මිනුම් ක්‍රමය මිසර නිර්මාණයකි. මූලික ඒකකය "කියුබිට්" (වැඩුනු මිනිසෙකුගේ මැද ඇඟිල්ල කොනේ සිට වැලමිට දක්වා දිග) විය. [කියුබිට් 1=අත්ල 4 ;අත්ල 1=ඇඟිලි 4 ;වර්ග ඵලය මිනූ ඒකකය "සෙටට්ස්" 1=වර්ග කියුබිට් 10000]

බැබිලෝනියන් සංඛ්‍යාංකන ක්‍රමය (ක්‍රි.පූ.2000)

ආවේනික විශේෂත්වයක් නම් ඉලක්කම් දෙකකින් පමණක් සංඛ්‍යා දැක්වීමයි. ප්‍රථම වරට ස්ථානීය අගය පිළිබඳ සංකල්පය යොදාගෙන ඇත්තේ බැබිලෝනියන්වරු බව සනාථ වේ.

මායා සංඛ්‍යාංකන ක්‍රමය

ක්‍රි.පූ.400 කාලය මැනීමෙ ක්‍රමය බැබිලෝනියානු ශිෂ්ඨාචාරයෙන් ලැබුණු දායාදයකි. (දහවල පැය 12+රාත්‍රිය පැය 12) පැයක් විනාඩි 60 කටද විනාඩියක් තත්පර 60 කටද බෙදන ලදී.

වෘත්තය

ක්‍රි.පූ.350-හිපොක්‍රටීස් නම් ගණිතඥයා වෘත්තයක වර්ග ඵලය සෙවීමේ ක්‍රමය පළමුව ඉදිරිපත් කළේය.

වෘත්තයක වර්ග ඵලය A A ∝ R2 <==> A=KR2 (Kනියතයකි) දැන් සංකේතය π. (හිපොක්‍රටීස් πසඳහා අගයක් ඉදිරිපත් නොකළේය) ක්‍රි.පූ.250 දී පමණ ආකිමිඩිස් π හි අගය 3(10/71)හා 3(10/70)අතර බව ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨ චීන ගණිඥයකු වන ට්සු චුං චිහ් (ක්‍රි.ව.430-501) 3.1415926 < π < 3.1415927 අසමීකරණය ඉදිරිපත් කළේය.ක්‍රි.ව.1426දී අල්කාෆ් නම් අරාබි ගණිතඥයා π=3.14159265358979 බව පෙන්වා දුන්නේය. 1776 දී ලැම්බර්ට් නම් ගණිතඥයා π අපරිමේය සංඛ්‍යාවක් බව ඔප්පු කළේය.

ග්‍රීසිය

ගණිත ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් කිතු උපතට පෙර පස් වැනි සියවසේදී ග්‍රීසියෙන් ආරම්භ විය.
ඒ වූ 

• සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන්ගේද
• ඩිමෝක්‍රටීස්, හිපෝක්‍රටීස්, ආකිමිඩීස් ටොලමි වැනි විද්‍යාඥයන්ගේද
• තේල්ස්, පයිතගරස්,එරතොස්තනීස් වැනි ගණිතඥයන්ගේද
• හෝමර් වැනි කවියන්ගේද යුගයයි.

වසර 800 ක් පමණ පැවති එම යුගයේදී ලොව නන් දෙසින් දැනුම රැස් කරගත් ඔව්හූ "ඇතැන්ස්" බුද්ධියේ කේන්ද්‍රස්ථානය කර ගත්හ. (ප්ලේටෝ විසින් ලොව ප්‍රථම සරසවිය "ඇතැන්ස්"හි පිහිටවනු ලැබීය)

තේල්ස් (ක්‍රි.පූ.640-550)

තේල්ස් ඉදිරිපත් කළ ප්‍රමේයයන්

• ඕනෑම විශ්කම්භයක් වෘත්තය සමාන කොටස් දෙකකට බෙදයි.
• සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට ඉදිරියෙන් ඇති කෝණ දෙක එකිනෙකට සමාන වේ.
• සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ.
• අර්ධ වෘත්තයක කෝණය ඍජුකෝණයකි.

  • ත්‍රිකෝණ අංගසාම්‍යය හා ජ්‍යාමිතික ප්‍රමේයයන් සාධනය කිරීම පිළිබඳ සංකල්පයන් මුලින්ම ඉදිරිපත් කලේ තේල්ස්ය. පිරමිඩයක සෙවනැල්ල ඇසුරෙන් පිරමිඩයේ උස සෙවීමෙන් තේල්ස් මිසරවාසීන් මවිතයට පත් කළේය.

යූක්ලිඩ්(ක්‍රි.පූ.330)

ප්‍රකට ග්‍රීක ගණිතඥයෙකු වූ යූක්ලිඩ් කළ සේවය වන්නේ එතෙක් ඉදිරිපත් කර තිබූ සියළු ජ්‍යාමිතික ප්‍රමේයයන් එකතු කොට ගෙන ජ්‍යාමිතියේ පදනම ලෙස සරල නියම 10 ක් සමග ලොවට හඳුන්වා දීමයි. ප්‍රථමක සංඛ්‍යා පිළිබඳ අදහස ඔහුගේ ඉදිරිපත් කිරීමකි
.
ආකිමිඩිස් - ග්‍රීසිය (ක්‍රි.පූ.287)

යූක්ලිඩ්ගේ අනුප්‍රාප්තිකයා ආකිමිඩිස් ය.භෞතික විද්‍යාඥයකු ලෙස වැඩි ප්‍රසිද්ධියක් ලද ආකිමිඩිස් ජ්‍යාමිතිය හා විශාල සංඛ්‍යා පිළිබඳව වැඩි ඇල්මක් ඇල්මක් දැක්වීය. වෘත්තයක ඇතුලත හා පිටත සමාන පාද 96 බැගින් ඇති බහු අස්‍ර නිර්මාණය කිරීමෙන් ඔහු වෘත්තයක පරිධිය හා අරය අතර අනුපාතය දශම ස්ථාන 3 කට නිවැරදිව සෙවීමට සමත් විය. ඕනෑම ගෝලයක පරිමාව එය අඩංගුකළ හැකි කුඩාම සිලින්ඩරයේ පරිමාවෙන් (2/3) බව ඔහු ප්‍රකාශ කළේය. ආකිමිඩිස් මෙහි සාධනයක් දක්වා නැත. ඉන් වසර 2000කට පසු නිව්ටන් විසින් මෙහි සත්‍යතාවය තහවුරු කළේය. ආකිමිඩිස් ඉතා අවාසනාවන්ත ලෙස සෙබලෙකු අතින් මිය ගිය අතර ඔහුගේ සොහොන් කොතේ ගෝලයක හා සිලින්ඩරයක රූපය සටහන් කර ඇත.

ග්‍රීසිය(ක්‍රි.පූ.276)

• එරතොස්තනීස් - මුල් වරට පෘථිවියේ පරිධිය මැනීමට සමත් විය. (එය නිවැරදි අගයෙන් වෙනස් වන්නේ 5% කිනි.)
• ඇපලෝනියස්ගේ (ක්‍රි.ව.262–190) වැදගත් සොයාගැනීම වන්නේ පරාවලය ,ඉලිප්සය හා බහුවලය යන කේතුක තුනයි. (පයිතගරස් ප්‍රමේය හා සබැඳි එක් උප ප්‍රමේයයක් ඇපලෝනියස් ප්‍රමේය ලෙස නම් කර ඇත) • හිපොක්‍රස් (ක්‍රි.පූ.190–120) පසු කලෙක වැදගත් අංගයක් වූ ත්‍රිකෝණමිතිය මුල්වරට භාවිතා කළ ගණිතඥයාය.
• ඩයොපැන්ටස් ග්‍රීක වීජගණිතයේ පියා ලෙස විරුදාවලිය ලැබූමුත් එය ඉතා ප්‍රාථමික මට්ටමක විය.

  •  ක්‍රි.පූ. 47 දී රෝමන්වරු ග්‍රීසිය ආක්‍රමණය කිරීමත් සමග ග්‍රීක ශිෂ්ඨාචාරය විනාශ විය. රෝමන්වරු ගණිතය හා දර්ශනය වැනි ගැඹුරු විෂයන් වෙනුවට යුද්ධය හා දේශපාලනය වැනි දේට යොමු වුන අතර එතෙක් සොයාගෙන තිබූ බොහෝ දෑ කාලයේ වැලිතලාවෙන් යටව ගියේය.

අරාබිය

ඉතිහාස කතාවේ මීලඟ පරිච්ඡෙදය සටහන් වන්නේ ක්‍රි.ව.7 වන සියවසේදී අරාබියෙනි‍. දෙවැනි ඇතැන්ස් නගරය බවට පත්වූයේ ටයිග්‍රීස් ගඟ අසබඩ පිහිටි බැග්ඩෑඩ් නගරයයි. ඍණ සංඛ්‍යා හඳුන්වාදෙන ලද්දේ අරාබි ගණිතඥයන්ය. 1,2,3....සංඛ්‍යා මේ යුගයේදී ගණිතයට එකතු වූවකි. අල් කෝව රිස්මි නම් අරාබි ගණිතඥයා ලියන ලද පොතක් මේ අංක ක්‍රමය සඳහන් දැනට හමුවී ඇති පැරණිතම ලියවිල්ලය. වීජ ගණිතය පොතක් ලෙස ලියන ලද්දේ මෙම ගණිතඥයාය. එය "ඉල්ම් අල්ජබ්රාල් බාල් මුකාබලාහ්" නම් විය. "Algebra" යන්න ඉහත පොතේ "අල්ජබ්රාල්" යන්නෙන් බිඳී ආ පදයකි.

ගණිතයට සමාන්තරව අනෙකුත් ක්ෂෙත්‍රයන්හි ප්‍රගතියද(විශේෂයෙන් මුද්‍රණ කර්මාන්තයේ) ගණිතයේ සංවර්ධනයට සෘජුවම බලපෑවේය.

• විවිධ ගණිත කර්ම සඳහා අද භාවිතා කෙරෙන සංකේත මේ යුගයේදී මුද්‍රිත පිටු අතරට එක්වූ ඒවාය. එකතු කිරීමේ (+) හා අඩු කිරීමේ (-)ලකුණු මුල් වරට ක්‍රි.ව.1489 දී ලියන ලද පොතක ඇතුළත්ය.
• ගුණ කිරීමේ ලකුණ (x) 19 වන සියවසේදී භාවිතයට ගැනිනි.සමාන ලකුණ(=) "රොබට් රෙකෝඩ්" නම් ගණිතඥයා 1557 දී ලියූ "The Whetstone Witte"නැමැති ප්‍රථම ඉංග්‍රීසි වීජ ගණිතය පොතින් හඳ්‍රන්වා දී තිබුණි.
• වීජ ගණිතයේ එතෙක් සැලකිල්ලට ගැනුනේ අඥාත පද එකක් පමණක් ඇති සමීකරණ පමණි. යම් සමීකරණයක විසඳුම්( මූල) ගණන එම සමීකරණයේ (a0xn+a1xn-1+....an-1x+an=0) අඥාත පදයේ ඉහලම බලයට සමාන බව ජර්මන් ගණිතඥයෙකුවූ "කාල් පෙඩ්රික් ගවුස් "පෙන්වා දෙනු ලැබීය. 20 වන සියවස වන විට වීජ ගණිතය ක්ෂෙත්‍ර කීපයක් ඔස්සේ (දෛශික වීජගණිතය ,බූලියන් වීජගණිතය...) වර්ධනය විය.

තවත් ගණිතඥයන්  

• ජෝන් නේපියර් - දශම ක්‍රමය හා ලඝු ගණක
• බ්ලේස් පැස්කල් - සම්භාවිතා සංකල්පය
• හපියර් ඩි පර්මැට් හා ලෙනාඩ් ඉයුලර් - ප්‍රථමක සංඛ්‍යා පිළිබඳ රටා
• නිකොලෝ පොන්ටානා - ඝනයේ හා සිව්වන බලයේ අඥාත පද ඇති සමීකරණ විසඳීමේ ක්‍රමය
• බර්නාඩ් රයිමාන් - ගෝලයක මත ඇඳි ත්‍රිකෝණ පිළිබඳ සංකල්පය
• ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් - කලනය හා ද්විපද ප්‍රමේය (1774දී පොතක් පල කළේය.)
• ජර්මන් ගණිතඥයෙකු වූ ගොට්ප්‍රිඩ් විල්හෙල්ම් ලිබ්නිස් ද 1684 දී කලනය පිළිබඳ පොතක් පල කර ඇත.මේ දෙදෙනා එකිනෙකාට ස්වාධීනව කලනය පිළිබඳ සොයා ගැනීම කළ බව පොදු පිළිගැනීමයි.
• ජෝර්ජ් කැන්ටර්(ජර්මන්) විසින් ඉදිරිපත් කළ කුලක පිළිබඳ සංකල්පය ජෝන් වෙන්(ඉංග්‍රීසි)විසින් වැඩි
දියුණු කරණ ලදී.  











0 comments:

Post a Comment