LCD තිරයක අන්වික්ශීය සටහන්
මගේ මේසය උඩ තිබිලා හම්බ උනා Nokia 6120c ෆෝන් එකකින් ගලවපු LCD එකක්. මේක මම දැනට අවු 2 විතර කලින් පාවිච්චි කරපු ෆෝන් එකෙන් ගලවපු එකක්. ඒක දවසක් බිම වැටිලා LCD එකෙ මැද්දෙන් පුපුරලා pixel පේලි කීපයක් පෙන්නෙ නැතුව ගියානෙ (ච්හ් ඒ දවස් වල මේ බ්ලොග් කෙරුවාව කලේ නැහැනෙ, නැත්නම් ඒකත් මේකෙ ලියන්න තිබුනා). LCD එකක් වැඩ කරන හැටි ගැන අදහසක් ගන්නත් එක්ක මට හිතුනා එකෙ පින්තූර ටිකක් දාන්න. පින්තූර කිව්වට මේවා අන්වීක්ෂයක් තුලින් ගත්ත පින්තූර. මේ ටික බැලුවට පස්සෙ හිතෙයි නිකම්ම වීදුරුකෑල්ලක් වගෙ තිබුනට මෙක කොයි තරම් සංකීර්ණද කියලා. මේක නිකම්ම LCD එකක් කියල කිව්වට මේක TFT (Thin Film Transister - මේ මොකක්ද කියලා අපි පසුව බලමු) වර්ගයේ සහ පසුබිම් ආලෝක සපයන උපාංගත් මෙකට අයිතියි.
මෙන්න LCD එකේ බාහිර පෙනුම.
සාමාන්‍යයෙන් LCD එකක සැකසුම මේවගෙයි (හරස්කඩක්).
1 - පිටත ලෝහ ආවරනය (Metal back plate)
2 - ආලෝක පරාවර්ථකය (Light Reflector)
3 - ආලෝක විසරණ පත්‍ර (Light diffusing foils)
4 - සක්‍රිය LCD තිරය (ද්‍රව ස්ඵටික අඩංගු ඇසුරුම)
5 - ප්ලාස්ටික් ආවරනය (Plastic frame)
6 - පරිපථ කොටස්
7 - පසුබිම් ආලෝක සැපයුම් LED (Back light LEDs)
8 - ආලෝක නියාමන පෙට්ටිය (Light guide box)
9 - ආලෝක ද්‍රැවීකාරකය (Light polarizer)
10 - පාලන හා තීරු එලවන පරිපථය (Control and column driver circuit)
මෙන්න සැබෑ පෙනුම (පිටත ලෝහ ආවරණය ගලවා ඉවත් කලවිට)