Wednesday, December 30, 2015

Tomb Raider පරිගණක ක්‍රීඩාව

Cover
Tomb Raider යනු පරිගණක ක්‍රීඩා ලෝකයේ මුල් කාලයේ ඉතාමත් ප්‍රසිද්දියට පත් වූ ක්‍රීඩාවකි. එකල graphic තාක්ෂනය උසස් මට්ටමක් නොතිබුනද [මෙකලට සාපේක්ෂව] එම ක්‍රීඩාවේ සංකල්පය ඉතාමත් සිත් ඇද ගන්න එකක් විය. එබැවින් Square Enix ආයතනය එම පරිගණක ක්‍රීඩා මාලාව යලිත් පරිගණක ක්‍රීඩා ලෝලීන්ට ගෙනඒමට කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස Tomb Raider පරිගණක ක්‍රීඩාව මුලසිට නැවත සැදීම [Remake] 2013 මාර්තු 5 නිකුත් වූ නවතම Tomb Raider ක්‍රීඩාව සමග ඇරඹුනි.   


නවතම Tomb Raider ක්‍රීඩාව graphic තාක්ෂණයෙන් මෙන්ම gameplay එක අතින්ද ඉතාමත් උසස් තත්වයකින් පවතින වීඩියෝ ක්‍රීඩාවකි. මෙම කතාව ගෙතී ඇත්තේ තරුණ Lara Croftගේ පළමු වීර ක්‍රියාදාමය වටාය. ඇය පුරාවිද්‍යා ගවේශිකාවක් වන අතර තම කණ්ඩායමත් සමග “යමටායි” [Yamatai] නම් පැරණි ජපන් රාජධානියකට අයත් දූපතක් ගවේෂණයට පිටත්ව යයි. එහිදී ඔවුන්ගේ නැව දැඩි කුණාටුවකට අසුවී මුහුදුබත් වන අතර ඔවුන් එම දිවයිනට ගසාගෙන පැමිණේ. ඉන්පසු එම දුපතේ සිටින තවත් මුහුදුබත් වූ පිරිසක් සමග සටන් කර යලිත් තම රට කරායාමට ක්‍රියාකිරීමට ලාරට සිදුවේ. ඒඅතර ඇයගේ පිරිසේ කිහිප දෙනෙක්ම මියැදෙන අතරම සමහරුන් ඇයට විරුද්දව කටයුතු කිරීමටද පටන් ගනී.
Bow recovery
සාමන්‍ය තරුණියක් වන ලාර මෙම සිද්දිදාමය නිසා දැඩි වන ආකාරය මානව පිලිබිඹු කිරීමට මෙම ක්‍රීඩාවේ නිමැවුන්කරුවන්ට හැකිවී තිබේ. ඇය මුලිම මුවෙකු මරණ විටදී මෙන්ම ඇය පළමුවෙන්ම මිනිසෙකු මරණයට පත්කරන විටදී මනසික වශයෙන් ඇතිවන බලපෑම ඉතාමත් උත්කෘෂ්ට ලෙස මෙහිදී පෙන්වාදී තිබෙනවා. ක්‍රීඩාව අවසානයේදී සම්පුර්ණයෙන්ම වෙනස්වූ ලාරා කෙනෙකු බිහිවන ආකාරය ඔබ සැමටම ඉතාමත් පැහැදිලිව දක්නට ලැබෙනු ඇත. මෙම සියල්ල නිසා ලාරා නම් චරිතය තව තවත් ඔබට සමීප වනු නිසැකය.
ඔබගේ මූලික අවිය දුන්නක් වුවද ක්‍රීඩාව අතර තුරදී Pistol එකක්, Shot Gun එකක් මෙන්ම Rifle එකක්ද හමුවේ. මෙම සියුලුම අවි මෙන්ම ලාරාගේ හැකියවන්ද වැඩිදියුණු කිරීමට මෙම දිවයිනේ විවිධ තැන්වලින් ඔබට සමුවන Base Camp භාවිතා කල හැකිය. ඔබ ක්‍රීඩාවේ විවිද ඉලක්ක සපුරන විට Skill Points ලැබෙන අතර ඒවා භාවිත කර ලාරාගේ හැකියාවන් වැඩිදියුණු කිරීමද දිවයින පුර විවිධ තැන්වලින් ඔබ එකතු කර ගන්නා Salvage මගින් මෙම අවි වැඩිදියුණු කිරීමද සිදු කල හැක. එම නිසා ඔබ ඉදිරියට යන විට ලාරා සතු අවි සහ අයගේ හැකියවන් තව තවත් ඔප්නැනවේ.  එමෙන්ම මෙම Base Camp භාවිතයෙන් ඔබට පෙර හමුවූ Base Camps වෙත ඉතාමත් පහසුවෙන් ගොස් දිවයිනේ එම කොටසේදී ඔබට නොහැකිවූ ඕනෑම දෙයක් නැවත කිරීමට ඉඩප්‍රස්ථාවද සැලසේ.
Base Camp
මෙම දිවයින පුරාම විසිරුණු විවධ පුරාවිද්‍යාත්මක වටිනාකමකින්යුත් භාණ්ඩද ඔබ සදහා ගවේෂණයට රහස් සොහොන්ද තිබේ. මෙම රහස් සොහොන්බිම් වලදී ඔබට ඉතාමත් කල්පනාකාරීව කටයුතුකර එහි ඇති වටිනා නිධාන ලබාගත යුතුය. මෙම සොහොන් ඉතාමත් නිර්මානශීලිව නිපදව ඇති අතර සමහක් ප්‍රස්ථාර වැනි තැන් විසදීම ඉතාමත් වෙහෙසකර විය හැකිය.  මෙබැවින් මෙම ක්‍රීඩාවේ රසබර බව තවත් ඔප්නැන්වේ. එමෙන්ම විවධ ලිපිද්‍රව්‍ය දිවයින පුර විසිරී ඇති අතර එමගින් ඔබට අතීතයේ සහ වර්තමානයේ සිදුවූ සිද්ධිදාමයන් පිළිබදව අවබෝදය ලබා ගත හැකිය.
අවසාන වශයෙන් මගේ නිගමනයනම් මෙය ඉතාමත් සාර්ථක ක්‍රීඩාවක් වන අතර මගේ ඇරයුම නම් ඔබටත් නිවාඩු වෙලාවක් ඇතිනම් ක්‍රීඩාකර සතුටුවන ලෙසය!

0 comments:

Post a Comment